ඉන්දියාවේ හැටහය දහසකට අමෙරිකාවෙන් හිමි වූ දේ

අමෙරිකානු පුරවැසිභාවය ඉන්දියානු පුරවැසියන් 66,000 කට ආසන්න පිරිසකට ලබා දී තිබෙනවා.

එම තොරතුරු අනාවරණය වී ඇත්තේ අමෙරිකානු ප්‍රජා සමීක්ෂණ දත්ත වාර්තාවකට අනුවයි.

ඒ අනුව 2022 වසරේ දී ඉන්දියානුවන් 65,960දෙනෙකු නිල වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් බවට පත්ව තිබෙනවා.

එම වර්ෂයේ දී මිලියන 46ක විදේශිකයන් පිරිසක් එක්සත් ජනපදයේ වාසය කර ඇති බව ඇස්තමේන්තු කර ඇති අතර එය මිලියන 333 ක් වූ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 14 %ක් වන බව වාර්තා වනවා.