හමුදාවට යළිත් පොදු සමා කාලයක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව 2024 අප්‍රේල් 02 දින සහ ඊට පෙර සිටම සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අප්‍රේල් මස 20 දින සිට මැයි 20 දින දක්වා පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම කාල සීමාව තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබා දී බව ශ්‍රී ලංකා යුධ හමුදාව නිවේදනය කරනවා.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා කිරීම හැර, වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති, නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමකින් තොරව විදේශගතව සිටින සමාජිකයන්ටද නැවත රපෝත්තු කිරීමකින් තොරව තම රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පහසුකම් සලසා තිබෙනවා.