දකුණු දිග ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා පිටවෙයි

දකුණු ගාසාවෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ඉවත්කරගැනීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී මස 06කට පසුවයි.

නමුත් ගාසා තීරයේ සෙසු පළාත්වල හමුදා මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතින බව ඊශ්‍රායල හමුදා පවසනවා.

ඊශ්‍රායල හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත දකුණු දිග ගාසා තීරයේ මෙහෙයුම් අවසන් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.