වනිඳුට අයි.පී.එල්. අහිමිවෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංගට වම විලුඹේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමිව යන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඔහුට ඇතිව තිබෙන ආබාධය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඩුබායි බලා පිටත්ව යාමටද නියමිතව තිබෙනවා.

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම මේ වනවිට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුව මිලදී ගෙන තිබුණා