ළහිරු, දුමින්ද ඇතුළු හතරක් රිමාන්ඩ්

ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (20) කොළඹ දී පැවැත් වූ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් සිව්දෙනෙකු එළඹෙන මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ අත්අඩංගුවට ගැනුණු කාන්තාවක්.

ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 5 දෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.