අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවක් ගිලී 60ක් මරුට

ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ දී ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් තිබෙනවා.

ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් සිටි බවත් එහි සිටි 25 දෙනෙක් මුදාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉතාලි වෙරළාරක්ෂක සේවායේ සහායෙන් එම පිරිස බේරාගෙන තිබෙනවා.