මාර්ගගත පණතට එරෙහිව සුමන්දිරන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළේය

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දු ලබා දී ඇත .

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන ඊට ඇතුළත් නොකිරීම හේතුවෙන් එය නීත්‍යානුකූලව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි .