රනිල් රැවුලයි කැඳයි දෙකම බේරාගනි

ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය මිරි රෙගෙව් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළාය .

ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව නිදහස් කර ගැනීම පිළිබඳ තීරණාත්මක කරුණු මෙම රැස්වීමේදී සොයා බැලීය, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාව තව දුරටත් කටයුතු කරනා බව ජනාධිපති වික්‍රමසිංහ ර්හිදී පැවසීය . තවද, ගාසා තීරයේ පවතින සතුරුකම් මධ්‍යයේ, ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියේය

“ඊශ්‍රායල්-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව අදහස් දක්වූ ජනාධිපති වික්‍රමසිංහ, පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජාතියේ සහයෝගය නැවත පලකර සිටියේය. එමෙන්ම කලාපීය සාමය උදෙසා ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය”.