මම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සැක සහිතයි – රනිල් කියයි

තම අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීමට මිස 2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ගැන නොවනා බව ජනාධිපති රනිල් වික්‍රමෛංහ පැවසීය. එමෙන්ම ලබන ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වෙන්නේද නැද්ද යන්න තවමත් තීරණය කර නැතිබවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී කර්තෘවරුන් සමඟ පැවති හමුවකදී ජනධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය .

රට බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට සැලසුම් කළ ආකාරය පැහැදිලි කළ වික්‍රමසිංහ, රජයේ අරමුණ වියදම් සීමා කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ ක්‍රමානුකූල කිරීම බව පැවසීය. සඳුදා ඉදිරිපත් කළ අයවැයේ අපේක්ෂාව එය බවද ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන්ට අනුකූලව ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැක්මක් ඇතිව අයවැය ඉදිරිපත් කර ඇති අතර රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ විශ්වාසය අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව සහ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය විසින් පසුගියදා සිදු කළ ආයෝජනවලින් පෙනී ගිය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොළඹ වරාය බටහිර පර්යන්තය. රටේ ආර්ථිකය පිළිබඳව විශ්වාසයක් නැතිනම් මෙවැනි ආයෝජන නොපැමිණෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *