ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් කරන ලද අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත බිම් ප්‍රමාණයෙන් පහෙන් එකක් ආසන්න ප්‍රමානයක් නායයෑමේ අවධානමට ලක්ව ඇතිබව තහවුරුව ඇත .
එම අධ්‍යයනයට අනුව බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන ප්‍රදේශවල වර්ග කිලෝමීටර් 13,000ක් පමණ නායයෑමේ තර්ජනයට ලක්ව ඇටහිබව හඳුනාගෙන ඇත.
නාය යෑම් වාර ගණන වැඩි වී ඇති බවත්, ඊට ප්‍රධාන හේතු වනුයේ සැලසුම් නොකළ ඉඩම් පරිහරණ ක්‍රම සහ සැලසුම් නොකළ වගාවන්, නිරන්තරයෙන් වැඩිවන ඉංජිනේරු නොවන ඉදිකිරීම්, ජල මාර්ග අවහිර කිරීම, ජල මූලාශ්‍ර සහිත රක්ෂිත ප්‍රදේශයන්හී කරනා ඉදිකිරීම්, වන විනාශය සහ මිනිස් මැදිහත්වීම් බවත් මෙම සමික්ෂනයේදී තහවුරුව ඇත.