”විදුලි බිලේ ප්‍රශ්ණය අපි විසඳන්න ජනමාධ්‍ය සහය ඕන නෑ” දියවඩන නිළමේ කෙළින්ම කියයි.

ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා රුපියල් මිලියන 13 ක විදුලි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම පිළිගත හැකි ත්ත්ත්වයක් බවත්, පසුගිය වසරේ පෙරහැර සඳහාද මිලියන 9 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනා ලද බවත් දියවඩන නිළමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර පවසයි.

දළදා පෙරහර ආලෝකවත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය දරන පිරිවැය සම්බන්ධව සෑම වසරකම ඇස්තමේන්තුවක් එවන නමුත්, එම පිරිවැය විදුලිබල මණ්ඩලය විසින් දැරූ බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙවර ඉන් යම් කොටසක් ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් දැරිය යුතු බවට යෝජනා වී තිබෙන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

පෙරහැර සමයේ බස් නැවතුක්පොළ, මාර්ගය දෙපස ආදී ස්ථාන රැසක් විවිධ විදුලි ආලෝකයෙන් අලංකාර කරනා බවත්, විදුලිබිල ඉහළ යාම නිසා මෙලෙස ඇස්තමේන්තුගත මුදල ඉහළ යන්නට ඇතිබවත් ඔහු පැවසීය.

විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර විසඳාගත හැකි මෙම ප්‍රශ්නයට ඇතැමුන් ජනමාධ්‍ය විසඳුම් සොයන්නට උත්සාහ ගැනීම අනුමත කළ නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *