හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර සභා සහ ප්‍රාදේශීය සභා 12ක සිටින හිටපු සභාපතිවරු 09ක් හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් සියයට 80ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කැපවී කටයුතු කිරීමට එකඟතාවය පළ කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත සෝරත ශාලාවේ දී පසුගියදා (06) පැවැති රැස්වීමක දී එම පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම් සහයෝගය පළ කරමින් කටයුතු කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.
මෙම පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සිටිනවා.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා පසුගිය වසර දෙක තුළ රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා සිදු කළ මෙහෙවර අගය කරමින් මෙවර ජනාධිපතිවරණයේ දී රටේ සියලු දෙනාම එතුමාට සහයෝගය පළ කළ යුතු බව යි.
”ජනාධිපතිතුමා වසර පනගත දේශපාලනයේ දී විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් සිදු කළා. එතුමා කවදාවත් බෝර්ඩ් ගහගෙන දේශපාලනය කළේ නැහැ. ඒ වගේම අපි එකඟ නොවනදේවලුත් එතුමාගේ දේශපාලනය තුළ තිබුණා. නමුත් පසුගිය වසර දෙක තුළ එතුමා ලෝකයටම එතුමාගේ නායකත්වයේ පරිණතෙ හා. වය පෙන්නුම් කළා.
මේ රටේ පවතින ආර්ථික බංකොලොත්භාවයෙන් මුදා ගැනීම සඳහා කටයුතු කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අනිත් අපේක්ෂකයින්ට එවැනි දැක්මක් හෝ වැඩපිළිවෙ ළක් නැහැ. රැල්ලට ජනාධිපතිවරණයට තරග කළාට ඒ අයට රටත් පාලනය කරන්නට දැක්මක්, පළපුරුද්දක් හෝ වැඩ පිළිවෙළක් අපි තවම ආර්ථික බංකොලොත් භාවයෙන් සම්පූර්ණයෙන් මිදී නැහැ. මේක හරියට දැලි පිහියෙන් කිරි කනවා වාගේ වැඩක්. තියුණු පිහියක් මත ගමන් කරනවා වැනි වැඩත්, අපි හොද සිහි යෙන් තීන්දු තීරණ නොගතහොත් යළිත් මේ රට වැටෙනවා, අද පවතින තත්ත්වය ඉදිරියටම පවත්වාගෙන යාමට නම් අභියෝගය වටහාගත් නායකයෙක් රටේ ජනාධිපති ධුරයට පත් කර ගත යුතුයි.ඒ සඳහා සුදුසුම් පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව අද රටේ බහුතරයක් ජනතාව වටහාගෙන සිටිනවා,හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් සියයට 80ක් අද ජනාධිපතිතුමා දිනවීම සඳහා එක්ව සිටිනවා. ඒ වගේම පළාත්පාලන ආයතන 12ක සභාපතිවරුන් 09 දෙනෙක්ම අපි සමඟ එකතු වීමත් සතුටක් ”