ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ තොගයක් අස්ථාන ගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.
එම අස්ථානගතවූ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 162 ක් බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යොමු කළ නිර්නාමික ලිපියක් පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවත් පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය පැවැසුවේය.
අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අංශය බාර ගණකාධිකාරී සිසිර කුමාර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් අස්ථානගතවූ භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේ ප්‍රකාශ සටහන් කරගන්නා බවත් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේය.
එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළාය.
විමර්ශනය සදහා නියෝග අවශ්‍ය නම් මෝසමක් හරහා ඉල්ලා සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කළාය.