අද උදේම ලොකු පැටීගේ නෑදෑයෙකුට වෙඩි

අද (09) උදෑසන 6.15ට පමණ අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් “ලොකු පැටී” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා.