ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි යගුලිය විසි කිරීමේ ඉසව්වට පාලිත බණ්ඩාර සහභාගී වී 5 වැනි ස්ථානය දිනා ගෙන තිබෙනවා.
පාලිත බණ්ඩාර F63 කාණ්ඩයේ පිරිමි යගුලිය විසි කිරීමේ ඉසව්වට ඊයේ (07) සහභාගී වු අතර ඔහුගේ පළමු උත්සාහය අවසන් වන විට මීටර 14යි දශම 45ක දක්ෂතාවක් දක්වමින් එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටියා.
පාලිතගේ දෙවැනි උත්සාහයේදී සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කරමින් මීටර 14යි දශම 51ක දක්ෂතාවයක් දැක්වූවා.
කෙසේ වෙතත් උත්සාහක අවස්ථා 6ක් අවසානයේ පාලිත බණ්ඩාරට හිමි වුණේ 5 වැනි ස්ථානයයි.
එම තරගයේ රන් පදක්කම කුවේට් රාජ්‍යයේ ෆයිසාල් සෝරෝර් ,රිදී පදක්කම මහා බ්‍රිතාන්‍යයේ ඇලඩ් ඩේවිස් සහ ලෝකඩ පදක්කම මෙම ඉසව්වේ වත්මන් ලෝක ශූර ලක්සම්බර්ග් හී ටොම් හබ්ස්චයිඩ් දිනා ගත්තා.