වී මිලට ගන්න ජනපතිගෙන් කෝටි 50ක්

වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව හෙට (15) සිට අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයක ම අවම වශයෙන් වී ගබඩා දෙකක් බැගින් වී මිලදීගැනීම සඳහා විවෘතව තබන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!