දියතලාව බිහිසුණු අනතුරෙන් මියගිය ගණන 7 දක්වා ඉහළට (Update)

දියතලාව මෝටර් රථ ධාවන තරගාවලියේ සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළගොස් ඇති අතර 8 හැවිරිදි දැරියක් සහ ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරත් සමගඉතිරි සියලු ධාවන තරග මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

………………………………………………………….

දියතලාවේ මෝටර් රථ තරගාවලියේ ඛේදවාචකයක් – 5ක් මරුට..21ක් රෝහලට

දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි.