තමන් ළග කුඩු සල්ලි හෝ කළු සල්ලි නොමැති බව පියුමි හංසමාලී පවසයි.
තුර්කියේ සිට අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කර තිබේ.
තමන් මුදල් උපයාගත් ආකාරය ගැන අදහස් දක්වමින් ඇය මෙසේද පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔප්පුවෙලා තියෙනවා පාරිභෝගිකයින් ක්‍රීම් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මුදල් ඇවිත් තියෙනවා.
නොයෙක් කාලයට නොයෙක් මඩ මට ගහනවා. වෙන වෙන තියෙන ප්‍රශ්ණ වහගන්න මාව ඉස්සරහට දානවා. ඒක නිසා මගේ බිස්නස් එකත්, මගේ ස්ටෝරි බලන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනාව.
ඔයාලා දිගටම මට ගල් ගහනකොට මම ඒ ගල්වලින් තමයි මම මාළිගාව හදන්නේ.
කාලයක් තිස්සේ මම ළග කුඩු සල්ලි තියෙනවා කිව්වා. කළු සල්ලි තියෙනවා කිව්වා මම ළග එහෙම සල්ලි නෑ. මගේ මේ බිස්නස් එකෙන් හම්බකරපු සල්ලි තමයි තියෙන්නේ.
මගේ වාහනය විකුණලා ඉවරයි. වාහනයට ලක්ෂ 50 බැගින් දෙවරකට දුන්නා. මේ වන විට මගේ යාළුවාගේ සැමියා සිරගත වෙලා ණ්නේ. වාහනය දුන්නාම මට සල්ලි දුන්නා. නිකම් නෙමෙයිනේ දුන්නේ. ඒ ගනුදෙනුව ගැන තමයි ලොකුවට මේ කතා කරන්නේ.