හිටපු කතානායක අශෝක රංවල පාසල්වල උත්සවලට සහභාගී වන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස බව කතානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
හිටපු කතානායක අශෝක රංවල පාසලක උත්සවයකට සහභාගී වූ ඡායාරූප ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර ඒ පිළිබද ඩී.වී. චානක මන්ත්‍රීවරයා පාර්ලිමේනත්ුවේදී අදහස් දැක්වූවේය. දේශපාලඥයින්ට පාසල්වල උත්සවලට සහභාගී නොවන ලෙසට නීතියක් පනවා ඇති අවස්ථාවක හිටපු කතානායකවරයා පාසලක උත්සවයකට සහභාගී වී ඇති බව ඩී.වී. චානක මන්ත්‍රීවරයා පැවසුවේය. මෙම නීතිය මේ වන විට වෙනස්වී ඇත්ද, නැතිනම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම නීතිය අදාල නොවී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් එම නීතිය අදාල වන්නේද යන්න ඔහු විමසුවේය.
එයට පිළිතුරු දුන් අගමැතිනිය සදහන් කළේ තමන් එවැනි නීතියක් පනවා නොමැති බවයි. ඒ ආකාරයේ නීතියක් පනවා ඇති බවට මාධ්‍යයේ පළවූ වාර්තා සත්‍ය නොවන බවද ඇය සදහන් කළාය.
ඒ අවස්ථාවේ කාරක සභාවේ මූලාසනයේ සිටි කතානායක ජගත් වික්‍රමරත්න සදහන් කළේ අශෝක රංවල පාසල්වල උත්සවලට සහභාගී වන්නේ ව්‍යවස්ථාදායකගේ ප්‍රධානියා ලෙස බවයි.
“ගරු මන්ත්‍රීතුමා, කතානායතකතුමා ඒ වගේ දේකට සහභාගී වන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස” යැයි කතානායකවරයා පැවසුවේය
“නෑ.. නෑ.. ඔබතුමා ගැන නෙමෙයි” ඩීවී. චානක එයට පිලිතුරු දුන්නේය.
“හිටපු කතානායක වුවනත් කතානායක”ජගත් වික්‍රමරත්න කීවේය
“නෑ.. නෑ.. එතුමා හිටපු කතානායක. දැන් මන්ත්‍රීවරයෙක්”ඩී.වී. චානක පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.