රාජකාරි කටයුත්තක් සදහා ගිය පුත්තලම ප්රාදේශීය ලේකම්වරයාට සහ ග්රාම නිලධාරීවරයෙකුට බැන තර්ජණය කරමින් පිහියක් ගෙන පහර දීමට උත්සාහ කළ බව කියන චීවරධාරියෙකුව (ස්වාමීන්වහන්සේ නමක්) පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් ඉකුත් 09 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම,පාලාවිය – කල්අඩිය මාර්ගයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමක්වය.
පාලාවිය – කල්අඩිය මාර්ගයේ ඇති රජයේ ඉඩමක් තුළ එම විහාරස්ථානය පවත්වා ගෙන ගොස් ඇත.මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් අනතුරුව අදාල රජයේ ඉඩමෙන් ඉවත් වන ලෙසට සැකකාර ස්වාමීන් වහන්සේට දැණුම් දීම සදහා ප්රාදේශයේ ග්රාම නිලධාරීවරයා ගොස් ඇත.එම අවස්ථාවේදීද සැකකාර ස්වාමීන්වහන්සේ ග්රාම නිලධාරීවරයාට බැන වැදී එළවා දමා ඇත.
පසුව මේ බව ග්රාම නිලධාරීවරයා විසින් පුත්තලම ප්රාදේශීය ලේකම්කවරයාට දැණුම් දීමට කටයුතු කර ඇත.එම දැණුම් දීම මත ප්රාදේශීය ලේකම්වරයා ග්රාම නිලධාරීවරයාද සමග අදාල විහාරස්ථානයට ගොස් ඇත.ප්රාදේශීය ලේකම්වරයා විසින් සැකකාර ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත.එම අවස්ථාවේදී උරණ වී ඇති සැකකාර ස්වාමීන් වහන්සේ ප්රාදේශීය ලේකම්වරයාට සහ ග්රාම නිලධාරීවරයාට බැන වැදී පිහියක් රැගෙන ඔවුන් පසුපස එලවා පහර දීමට උත්සාහ කර ඇති බව පොලීසිය සදහන් කරයි.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම ප්රාදේශීය ලේකම්වරයා විසින් පුත්තලම පොලීසියට පැමිණිළි කර ඇත.එම පැමිණිල්ලට අනුව සැකකාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.