ගල්කිස්ස සිරිපාල මාවතේ වෙඩි තැබීමක්

ගල්කිස්ස සිරිපාල මාවතේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.