දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුඳුගහහැතැක්ම පිවිසුම අතර අද (4) අලුයම ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී පැයකට ආසන්න කාලයක් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.
මාතර දෙස සිට එළවළු පටවා ගත් ලොරි දෙකක් කොළඹ දෙසට ධාවනය වීමේදී ඉදිරියෙන් ගමන් ගත් ලොරියට පිටුපසින් පැමිණිරථය ඉස්සර කිරීමට යාමේදී එකිනෙක ගැටී ඉදිරියෙන් ගමන් ගත් එළවළු රථය මාර්ගයේ පෙරලීමෙන් මෙම අනතුර වී සිදු වූ බව පොලිසිය පවසනවා.