අද (17) අලුයම ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබේ.
පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් මෙය හට ගෙන ඇති බව එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසා ඇත.
මෙම භූ කම්පනයක් සමඟ ඒ අවට විශාල ශබ්දයක් ඇසුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.