එක්සත් රාජධානියේ කිලෝ 317ක් බර පුද්ගලයා හදිසියේ ජීවිතක්ෂයට පත් වූ හේතුව

එක්සත් රාජධානියේ ජීවත් වූ බර අධිකම මිනිසා ලෙස සැලකෙන ජේසන් හෝල්ටන් පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඔහුගේ 34වැනි උපන්දිනය සැමරීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ බර ආසන්න වශයෙන් 317kgක් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

හෝල්ටන් මියගොස් ඇත්තේ ඉන්ද්‍රියයන් ක්‍රියා විරහිත වීම සහ තරබාරුකම හේතුවෙන් බව ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

අසනීප වූ තම පුතා රැගෙන යාමට ගිලන් රථයකට ඇමතූ පසුව ඔහුව සරේ ප්‍රාන්ත රෝහල වෙත රැගෙන යාමට ගිනි නිවන භටයින් 6කුගේ සහය අවශ්‍ය වූ බව හෝල්ටන්ගේ මව පවසනවා.

හෝල්ටන්ගේ වකුගඩු ක්‍රියා කිරීම ප්‍රථමයෙන් නතර වී ඇති අතර තම පුතා සතියක් ඇතුළත මියයන බව වෛද්‍යවරුන් හෝල්ටන්ගේ මවට පවසා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!