දුම්රිය වර්ජන ජීවිතයක් බිලි ගනී – බෙම්මුල්ලේදී ඇද වැටුණේ තෙරපුමට

අද (10) පස්වරුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රිය මගියෙකු දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

එම මගියා ඇද වැටී තිබුණේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙනුයි.

එම මගියා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇති අතර අධික තෙරපීම හේතුවෙන් දුම්රියෙන් වැටෙන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය සඳහන් කරනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජන හේතුවෙන් දුම්රිය රැසක් අද අවලංගු කර අතර දුම්රිය කිහිපයක් ධාවනය වී තිබුණේ අධික මගී තදබදයක් සහිතවයි.