පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්රීවරුන්ගේ ලේඛනයේ ඇතැම් මන්ත්රීවරුන්ගේ නම් ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සටහන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සේවකයින්ට විරුද්ධව විනය පියවර ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සටහන් කර පසුව එය ඉවත් කර ගැනීමට පාර්ලිමේන්තු වෙබ් අඩවිය කටයුතු කර තිබුණි. ඒ සමගින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මන්ත්රීවරයට කණගාටුව පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.
ආචාර්ය උපාධි සම්බන්ධයෙන් පවතින ආන්දෝලනයත් සමගින් සියලුම මන්ත්රීවරුන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇති බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.
මේ අතර ආචාර්ය පදවි නම් ඉදිරියෙන් ඇතුළත් කළ පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය කටයුතු කරනු ඇතැයිද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව එම නිලධාරීන්ට විරුද්ධව විනය පියවර ගනු ඇතැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.