මම මොරටුවෙන් ගත්තේ උපාධියක් නෙමෙයි – කතානායක බීබීසීට කියයි

තමන් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාගත්තේ උපාධියක් නොවන ආචාර්ය උපාධියක් නිසා ආන්දෝලනයට ලක්ව සිටින කතානයක අශෝක රංවල බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

,එතකොට යුනිවර්සිටි එක හැදිලා තිබුණේ නැහැ නේ අපිට. යුනිවර්සිටි එක ඒවෙලා ඇෆ්ලිටියේට් වෙලා තිබුණේ. යූ.ජී.සී. එකෙන් පරිවර්තනය වෙලා ආපු කාලෙනෙ අපි ඒක කලේ. එතකොට තිබුණේ ෆැකල්ටි එකක් විතරයි තිබුණේ. ටෙක්නිකල්මොකද්ද ඒකට කියන්නේ. මම ඒක දුන්න විදිහට නෙමේ දාල තියෙන්නේ. කමන් නැහැ ඒක” යනුවෙන් කතානායකවරය බී.බී.සී. පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ඔහු ලබාගෙන ඇති මූලික උපාධිය ලියන්නේ කෙසේදැයි බී.බී.සී. පුවත් සේවය විමසා ඇති විට එය ලියා එවන්නම් යැයි කතානායකවරය දැනුම්දී ඇත. එහෙත් සති දෙකක් ගත වන තෙක් එම උපාධිය ගැන ලියා එවා නොමැති බව බී.බී.සී. පුවත් සේවය සදහන් කරයි.

අශෝක රංවල මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගත්තේද යන්න බී.බී.සී. පුවත් සේවය සෘජුවම ප්‍රශ්න කර ඇති අතර එයට ඔහු මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.

“ඒක උපාධියක් නෙමේ. ඊට පස්සේ අවුරුදු ගාණක් පිරුණම උපාධියක් බවට පත් කර ගත්තා අපි. නමුත් ඒක වෙන්න ඇති ඕක ප්‍රශ්න කරනවා ඇත්තේ”

ආචාර්ය උපාධිය පිළිබද බී.බී.සී. පුවත් සේවය කතානායකවරයාගෙන් ප්‍රශ්ණ කර ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් එම උපාධිය ලබාගත් බවයි. එම ආචාර්ය උපාධිය ලබාගත්තේ කුමන වසරේදැයි ඔහුගෙන් ප්‍රශ්ණ කර ඇති අතර එයට සෘජු පිළිතුරක් ලබාදීමට ඔහුට නොහැකිවී ඇත.

“ඒක කළේ අසූ….අනූ…හයේ වගේ” යැයි කතානායකවරයා පවසා ඇත.

තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ලිඛිතව බී.බී.සී. පුවත් සේවයට එවන බවට කතානායකවරයා පවසා ඇති නමුත් දින 14ක් ගත වන තෙක් එය එව තිබුණේ නැත. එමෙන්ම ඉන් පසුව ඔහු බී.බී.සී. පුවත් සේවයට ප්‍රතිචාර දක්වා තිබුණේද නැත.