නිට්ටඹුව පින්නගොල්ල වත්තේ යුවළකට කළ අපරාධය

නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක පිරිමියකු සහ කාන්තාවකට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිට්ටුඹුව පොලිසිය කියයි.

ප්‍රහාරයට ලක් වූ යුවළ මේ වන විට වතුරුපිටිවල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

එම  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව නිට්ටඹුව පොලිසිය සදහන් කළේය.