2025 IPL තරගාවලියේ ඉතිරි කාලය සඳහා තුවාල ලැබූ ග්ලෙන් පිලිප්ස් වෙනුවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායම තෝරාගෙන තිබෙනවා.
දසුන් ශානක 2023 වසරේදී එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, ඔහුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කටයි (අමෙරිකානු ඩොලර් 87,800ක් පමණ) මිලදී ගෙන ඇත්තේ.
දින දහයකට පමණ පෙර හයිද්‍රාබාද්හිදී සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේදී පිලිප්ස් ආබාධයකට ලක් වූ අතර, පසුව නවසීලන්තයට ආපසු යාම සඳහා තරගාවලියෙන් ඉවත් වූවා.
දසුන් ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් තරග තුනක් ක්‍රීඩා කර ලකුණු 26ක් ලබා ගෙන තිබෙනවා.
මේ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කදී ලකුණු 1456ක් සහ කඩුලු 33ක් ලබාගෙන තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 71ක් සහ ටෙස්ට් තරග 6ක් ද ක්‍රීඩා කර තිබුණා.