මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදුවිය.
එහි දී දෙපාර්ශ්වය අතර සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් වැදගත් කරුණු රැසක් හුවමාරු කර ගැනීමට කටයුතු කලේය.
එසේම අප රට බංකොලොත් වූ අවස්ථාවේ තනි රටක් ලෙස අප රටට වැඩිම ආධාර ලබා දී උදව් කළේ ඉන්දීයාව බවත් ඒ අවස්ථාවේ දී රටට සවියක් වීමට ඉන්දීය රජය ලබා දුන් සහයෝගය ඉතා අගය කරන බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය ඉන්දීය රජයටත් ඉන්දීය ජනතාවටත් පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
එමෙන්ම ඉන්දිය ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් පදනමක් ලෙස පවත්වාගෙන දෙරටේ ආර්ථික සමාජීය දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගෙන සෛරිත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂා කර ගැනීමට කැපවන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
තවද රට වැටී ඇති ආර්ථික අවපාතයෙන් තවදුරටත් මිදිමට ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙසත් පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එක්සත් ජනපදය අප රටේ අපනයනයන් කෙරෙහි පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බදු (Reciprocal tariffs) නිසා මෙරට අපනයන කේන්ද්‍රීය කර්මාන්තවලට හා එහි සේවකයන්ට හානිකර තත්ත්වයන් සහ අහිතකර බලපෑම් සිදුවිය හැකි බැවින් ඉන්දීය වෙළෙඳපොළ තුළ මෙරට ඇඟලුම් හා ආනෙකුත් නිෂ්පාදන භාණ්ඩවලට වැඩි අවස්ථාව ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අගමැතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේය