ජනපති හදිසියේ මහ රෑ නුවර ගිහින්

සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණි.

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් දිගු පෝලිම්වල රැඳී සිටී.

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබේ.