වරාය සේවකයන්ගේ ප්‍රසාද දීමනාව ලක්ෂයකින් ඉහළට? – ඇමති එකඟ ලු

වරාය සේවකයන්ගේ වාර්ෂික ප්‍රසාද දීමනාව රුපියල් ලක්ෂයකින් ඉහළ දැමීම ඇතුළු සහන කිහිපයක් සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා වරාය වෘත්තීය සමිති එකමුතුව සමග පැවති සාකච්ඡාවේදී එකඟතාවකට එළැඹ ඇත.

ඇති කරගත් මෙම එකඟතා අනුමැතිය සඳහා එළැඹෙන 26 වන දා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතාව අනුව වරාය සේවකයන්ගේ වාර්ෂික බෝනස් මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමටත්, ඉන් සියයට 60ක් මෙම වර්ෂයේදීත්, සියයට 40ක් 2026 වසරේදී ලබා දීමටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවට පැමිණ ඇත.

මෙයට අමතරව වරාය සේවකයන්ගේ වැටුප් වර්ධකවල අගය අගෝස්තු මස සිට සියයට 80කින් ඉහළ දැමීම, වසර ආරම්භයේදී ලබා දෙන රුපියල් 3,500ක දිරිදීමනා මුදල ඉහළ දැමීම ඇතුළු තවත් සහන කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවන් ඇතිකරගෙන ඇත.