22,000 රවටා බිලියන 8 ක් වංචා කළ යුවළ සොයා පරීක්ෂණ

වෙළඳ සමාගමක් පිහිටවීම සඳහා යයි පවසමින් රුපියල් බිලියන 8 ක මුදලක් වංචාකළ යුවලක් අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්සණ දෙපාතමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙන වෙනම පරීක්ෂණ අරඹා ඇත.

මෙම ස්වාමිපුරුෂයා සහ බිරිඳ විසින් රට පුරා 22,000 කට අධික පිරිසක් මුලාකර ඇති අතර, පිරමීඩ ජාවාරමට සමාන ආකාඅරයෙන් මෙම ක්‍රියාවලිය සිදුකර ඇති බව වාර්තා වේ.
අයෝජකයන්ගේ මුදල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක ආයෝජනය කරනා බවත්, ඉන් ලැබෙන කොමිස් මුදල ආයෝජනය කළ පුද්ගලයන්ට ලබාදෙන බවද මෙම පුද්ගලයා ප්‍රකාශ කර ඇත . මේ සඳහා ඔහු කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික පාසලක් සහ සමාගමක් ආරම්භ කර ඇති අතර ඔහු එහි සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ .

එම ව්‍යාපාරික පාසල සහ සමාගම ලියාපදිංචි කළ බවට ව්‍යාජ ලේඛන සකස් කර මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට පෙන්වා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම ව්‍යාපාරය සඳහා ඇතැමුන් රුපියල් ලක්ෂ 15ත් 15ත් අතර මුදලක් ආයෝජනය කර ඇති අතර ඇතැමුන්ට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොමැති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!