කතරගම අලි කලබල – 13ක් රෝහලේ

රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වනවා. .

පෙරහර ආරම්භ වීමෙන් පසු ඊයේ (6) රාත්‍රි 9 ට මෙය සිදුව ඇති අතර පෙරහර නරඹමින් සිටි පිරිස කලබල වී ඒ මේ අත දුවයාමෙන් මෙලෙස තුවාල ලබා ඇති බව සඳහන්.

තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.