ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වී මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවේදී සහල් සදහා පාලන මිලක් නියම කර ඇති නමුත් නියම කර ඇති පාලන මිල පැවති මිලට වඩා රුපියල් දහයක ඉහළ යාමකි.
නාඩු සදහා රුපියල් 230ක උපරිම සිල්ලර මිලක් නියම කළත් මීට පෙර උපරිම සිල්ලර මිල ලෙස පැවතියේ රුපියල් 220කි. සුදු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේදි එකගවී තිබේ. එහෙත් මීට පෙර සුදු සහල් කිලෝවක් සදහා පැවතියේ රුපියල් 210ක උපරිම සිල්ලර මිලකි. සම්බා කිලෝවක් සදහා රුපියල් 240ක උපරිම සිල්ලර මිලක් නියම කළත් මීට පෙර සම්බා සදහා පැවතියේ රුපියල් 230ක උපරිම සිල්ලර මිලකි.
කීරි සම්බා සදහා පැවති රුපියල් 260ක උපරිම සිල්ලර මිල නොවෙනස්ව පවත්වාගෙන යාමටද මෙම සාකච්ඡාවේදී තිරණය කර ඇත.
කෙසේ නමුත් ආනයනික නාඩු සහල් සදහා රුපියල් 220ක මිලක් නියම කර ඇත. එම සහල් බෙදා හැරීමට නියමිතව ඇත්තේ සතොස හරහා පමණි.