20 වැනි සියවසේ රචිත ඇල්බට්යි අයින්ස්ටයින්ගේ ලිපියක් වෙන්දේසියකට

භෞතික විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් විසින් එවක සිටි අමෙරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වෙත අනතුරු අඟවමින් යවන ලද ලිපියක සත්‍ය පිටපතක් වෙන්දේසි කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන පරිදි ලබන සැප්තැම්බර් මාසයේදී එම ලිපිය ඩොලර් මිලියන 4කට වෙන්දේසි කිරීමට නියමිතයි.

20 වැනි සියවසේ රචිත ලේඛන අතරින් අමෙරිකානු ඩොලර් මිලියනයේ වටිනාකම ඉක්මවූ පළමු වැනි ලේඛනය බවට මෙම ලිපිය පත්ව ඇති බවත් වාර්තා වනවා.

එම ලිපියේ සඳහන් වන්නේ නාසි පාලනයක් සහිත ජර්මනිය න්‍යෂ්ටික පරමාණු බෝම්බ නිපදවීමට ඉඩ ඇති බවයි.

ඇල්බට් අයින්ස්ටයින් විසින් ජනපති රූස්වෙල්ට් වෙත යතුරු ලියනය කරන ලද හසුනේ මුල් පිටපත නිව්යෝක්හි හයිඩ් පාක් පිටියේ පිහි‌ටි රූස්වෙල්ට් පුස්තකාලය සතුව පවතිනවා.

එහි දළ සත්‍ය පිටපතක් වැඩි ආරක්ෂාව තකා භෞතික විද්‍යාඥ ලියෝ සිලාර්ඩ් අතට පත් කිරීමට අයින්ස්ටයින් කටයුතු කර තිබුණා.

එම ලිපියයි සුප්‍රසිද්ධ ක්‍රිස්ටයිස් වෙන්දේසි සමාගම වෙන්දේසියට ඉදිරිපත් කරනු ලබන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!