ICCයේ පළමු තැන වනිඳුට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සම පළමු තැන හිමිකරගැනීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

එමෙන්ම එහි සම පළමු ස්ථානය බංග්ලාදේශ ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට හිමි වුණා.

ඒ අනුව 3 වන ස්ථානයට ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබීට හිමිව ඇති අතර 18 වන ස්ථානය ශ්‍රී ලංකාවේ දසුන් ශානකට හිමිව තිබෙනවා.

20 යි 20 පිතිකරුවන් අතර ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පෙරමුණේ පසුවන අතර පන්දු යවන්නන් අතර 2 වන ස්ථානය වනිඳු හසරංගට හිමිව තිබෙනවා.

එහි පෙරමුණේ පසුවන්නේ එංගලන්ත ක්‍රීඩක උස්මාන් රෂීඩ් ක්‍රීඩකයාටයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!