නගරාධිපති සහ සභාපති නම්කර එවන්න – කොමිසම දැනුම් දී ඇත්තේ මේ අයට පමණයි

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවය.