මෝදි සමග අත්සන් කළ ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් ඉදිරිපත් කර අදාල ගිවිසුම් ලබාගන්නැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
මෙසේ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරන විට, කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡාවට ලක් කරන බව බලයට පත්වීමට පෙර කළ ප්‍රකාශය අනුව කටයුතු නොකරන්නේ මන්දැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළ නමුත් ඇමැතිවරයා එයට සෘජු පිළිතුරක් ලබාදුන්නේ නැත.
ඉන්දීය අගැමතිවරයා සමග අත්සන් කළ ගිවිසුම අනුව එක් රටක භූමියක්, ගුවන හෝ මුහුද වෙනත් අනෙක් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට යෙදාගත නොහැකි බව සදහන් වන බවද ඇමැතිවරයා කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස ඇමැතිවරයා මෙසේද කීවේය.
ඉන්දීය අගැමති නරේන්ද්‍ර මෝදි සමග අවභෝධතා ගිවිසුම් හතුක් අත්සන් කළා. මේ ගිවිසුම් නිසා රට පාවා දීලා තිබෙනවා කියලා සමහරු කිව්වා. මේක කන්ද උඩරට ගිවිසුමට වඩා පාවාදීමක් කියලා කිව්වා.
මේ ගිවසුම් අතරින් සමහර ඒවා කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් පැවති ගිවිසුම්. එමර ඒවා අපේ ආණ්ඩුවට කලින් ආරමභ කරපුවා. අපි ආවට පස්සේ මැදිහත්වෙලා වෙනස්කම් කරලා තියෙනවා. සමහර ඒවා සංශෝධනය කරලා තියෙනවා. මේ සියල්ලම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා. ඒක නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා.
ආරක්ෂක සහෝගිතා ගිවිසුම කියන්නේ ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බ්නධයෙන් දෙරටටම වගකීමක් තියෙනවා. ආරක්ෂක සහෝගිතාව සම්බන්ධයෙන්, තොරතුරු හුවමාරු කිරීම සම්බන්ධයෙන් තමයි ආරක්ෂක සහයෝගිතා ගිවිසුමට එළඹී තිබෙන්නේ. මේ ගිවිසුම් අපේ ර්ට් ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡා කරලා ඉන්දීය රජයට ඉදිරිපත් කරලා තමයි අත්සන් කරලා තියෙන්නේ.
මේවා අවශ්‍ය පරිදි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්න පුලුවන්. කිසිම ගිවිසුමක් රටට අහිතිකර ගිවිසුම් නෙමෙයි. රටේ ස්වාධීන්තවයට එයින් හානියක් වෙන්නේ නෑ.
අපි කොයි රාජ්‍යයක් ඉදිරියේවත් දණ ගහන්නේ නෑ. ජනාධිපතිවරයා නිරතවූ සංචාරවලදී, සාකච්ඡාවලදී අපි අපේ මතය පැහැදිළිව ප්‍රකාශ කරලා තියෙනවා. රටේ ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම නැතිව දෙන ඕනම දෙයක් පිළිගන්නා ආණ්ඩුවක් නෙමෙයි. මේකේ කිසිදු අහිතකර දෙයක් නෑ.
ආරක්ෂක ගිවිසුම ගැන පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රකාශයක් කළා. ඒක ප්‍රමාණවත් නැතිනම් ඉදිරියේදී සාකච්ඡා කරන්න පුලුවන්. ආරක්ෂක සහයෝගිතා ගිවිසුම අනුව රටේ ආරක්ෂාව පාවාදීමක් වෙන්නේ නැහැ. මේ ගිවිසුම යටතේ දෙරරේ ආරක්ෂාවට බලපාන කරුණුවලදී ගුවන, භූමිය හෝ මුහුද අනෙක් රටට එරෙහිව භාවිතා කරන්න දෙන්නේ නෑ කියලා තියෙනවා. මේක ප්‍රසිද්ධියේම අපි කලිනුත් ප්‍රකාශ කරලා තියෙනවා. රට පාවා දෙන පාවාදීමක් වෙන්නේ නෑ