අධිකරණ අමාත්‍ය හර්ෂණ නානානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් කළ සටහන පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් ඉවත් කරගැනීමට කටයතු කර තිබේ.
කතානායක අශෝක රංවලට ආචාර්ය උපාධියක් නොමැති බවට වන සාකච්ඡාව කරළියට පැමිණිමත් සමග ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ ආචාර්ය උපාධි ප්‍රශ්ණ කිරීමට ලක්විය. ඒ සමගින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ ආචාර්ය උපාධිය ගැන තිබූ සටහනද මෙසේ ඉවත් කරගෙන තිබේ.
සභානායක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල ලිපි වල හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය යන්න සටහන් කිරීමට කටයුතු කර තිබූ නමුත් මේ වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් එය ඉවත් කර ඇත.
මේ අතර නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධියද ප්‍රශ්ණ කිරීමට ලක්ව තිබේ. ඔහු මේ වන විට ත් කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර මෙතෙක් ඔහු ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට කටයුතු කර නැත. ඔහු තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරි මාස තුන තුළදී විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ තත්වය හමුවේ තමන්ගේ නම ඉදිරියෙන් විවිධ තනතුරු නාම දරන මන්ත්‍රීවරුන්ගේ අදාල තනතුරු පිළිබද සොයා බලන ලෙසට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනුම්දීමක් කර ඇත.