කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සදහා අදානි සමාගමට මුදල් ලබාදීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාවය සූදානමින් සිටි නමුත්, අදානි සමාගම අදාල මුදල් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇමරිකාව ලංකාවේ නව ආයෝජන ව්‍යාපෘති සොයමින් සිටින බව තානාපති ආරංචිමාර්ග සදහන් කරයි.
පුද්ගලික අංශයේ යෝජන ව්‍යාපෘති මේ සදහා සොයමින් සිටින බව එම ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ආයෝජනය කිරීමට ඇමරිකාව සූදානමින් සිටී. කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සහ කාන්තා ව්‍යවසායකින් විසින් පවත්වාගෙන යන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මූල්‍ය ක්ෂේත්‍රයට මෙම ආයෝජන කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද ඇමරිකානු තානාපති කාර්යලය සදහන් කරයි.
ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාවය යනු ඇමරිකානු රජය සතු ආයතනයකි.