පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (21) රැස්වන බව එහි සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා පවසයි.
ඔහු සඳහන් කළේ අද පෙරවරු 10න් පසු කොමිසම රැස්වන බවය.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.