දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කළ තරගාවලියේදී පදක්කම් 12ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුණා.
ඊයේ (29) මහනුවරදී නිමාවට පත්වූ මේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 6ක් හිමි කරගත්තා.
මේ තරගාවලියේදී රන් පදක්කම් 14ක් පිරිනැමූ අතර, ඉන් පදක්කම් 13ක්ම ඉන්දියාව සතු වුණා.
ශ්‍රී ලංකාවට හිමි වූ එකම රන් පදක්කම අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ කණ්ඩායම් ඉසව්වෙන් දිනාගත් අතර, ලීග් ක්‍රමයට පැවැති මේ ඉසව්වේදී ශ්‍රී ලංකා පිල සහභාගිවූ තරග 4ම ජයග්‍රහණය කළා.
එම කණ්ඩායමට ෂෆියුල්ලා අක්‍රම්, ජනිත් බටුගෙදර, ඩිරාන් හාමර් සහ සාලුක ප්‍රේමචන්ද්‍ර යන ක්‍රීඩකයින් ඇතුළත් වුණා.
අවුරුදු 19න් පහළ කණ්ඩායමක් මෙම ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගත්තේ වසර 10කට පසු වීම එහිදී කැපී පෙනුණා.
මහනුවර මහාමායා විදුහලේ යෝෂිනි ජයවර්ධන රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.
ශ්‍රී ලංකාවට අවුරුදු 15න් පහළ බාලිකා යුගල සහ මිශ්‍ර යුගල ඉසව්වලින් රිදී පදක්කම් දිනාගත් සහ අවුරුදු 19න් පහළ බාලිකා සමග අවුරුදු 15න් පහළ බාලක බාලිකා කණ්ඩායම් ඉසව්වලින් ද රිදී පදක්කම් හිමි වුණා.
අවුරුදු 19න් පහළ බාලිකා, අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් ඉසව්වල රිදී පදක්කම් ශ්‍රී ලංකාව සතු කරගන්නට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හ්හකියව ලැබුණා.
19න් පහළ බාලිකා කණ්ඩායමට බිමන්දි බණ්ඩාර, තමාදි කාවින්ද්‍යා, දිව්‍යා ධාරණි සහ ලෙසන්යා සේතුම්දී ඇතුළත් වූ අතර, 15න් පහළ බාලක බාලිකා කණ්ඩායම්වලට පිළිවෙළින් ආකේන් බෝජිත්, නවිරු නෙත්සිත, අගස්ත්‍ය ආනන්දිත, සෙනුල් රත්නායක, මුතුලි සහන්යා, සමින්දි වීරසූරිය සහ මෙකල්‍යා ප්‍රනාන්දු ඇතුළත් වුණා.
අවුරුදු 15න් පහළ බාලක, 19න් පහළ බාලක සහ බාලිකා යුගල ඉසව් සමඟ අවුරුදු 19න් පහළ මිශ්‍ර යුගල ඉසව්වලින් ද ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට ලැබුණා.
එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් හිමි වුණේ පහත ආකාරයට,
*රන් පදක්කම් – 19න් පහළ බාලක කණ්ඩායම් ඉසව්ව
*රිදී පදක්කම – 19න් පහළ බාලිකා කණ්ඩායම්, 15න් පහළ බාලක කණ්ඩායම්, 15න් පහළ බාලිකා කණ්ඩායම්, 15න් පහළ බාලිකා යුගල, 15න් පහළ මිශ්‍ර යුගල
*ලෝකඩ පදක්කම් – 19න් පහළ බාලිකා යුගල, 19න් පහළ බාලක යුගල, 19න් පහළ මිශ්‍ර යුගල, 15න් පහළ බාලක යුගල, 19න් පහළ බාලිකා කේවල, 15න් පහළ බාලිකා කේවල.