හෝර්ටන් පට්ටිපොල කඳුකර මාර්ගයෙ සිදුවිමට ගිය තවත් මාරක අනතුරක් රියදුරෙකුගේ දක්ෂකම නිසා වලකාගත් පුවතක් පට්ටිපොල පොලීසියෙන් වාර්තා වේ.
වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණි 20දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගමන් ගත් මෙම බස් රථයේ තිරිංග අක්‍රීයවී ඇති අතර රියදුරා දක්ෂ අන්දමින් බස් රථය මාර්ගයේ අනික් පස කන්ද දෙසට යොමු කිරිම නිස බස් රථය කන්දේ හැපී මාර්ගය හරහා පෙරලී ඇත. අනතිරින් කිසිවෙක් තුවාල ලබා නැත. ටියදුරුගේ දක්ෂ කම නිසා බිහිසුණු අනතුරක් වලක්වාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් එම අනතුර නිසා හෝටන් තැන්නට වාහන ඇතුළු කිරීම තාවකාලිකව නතරකිරිමට තීරණය කර ඇති බව පට්ට්පොල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයසිංහ පැවසීය.