දරුවන් 500ක් සිටිනා තාත්තාට උසාවියෙන් වාරණයක්

ලොව පුරා දරුවන් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් බිහි කළ පුද්ගලයෙකුට මින් ඉදිරියට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම නතර කරන ලෙස නෙදර්ලන්ත අධිකරණයක් සිකුරාදා නියෝග කළේය.

මෙම 41 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයාට සායනවලට වැඩිපුර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම තහනම් කරමින් අධිකරණය පනවා ඇති නියෝග්‍ය උල්ලංඝණය කළහොත් ඔහුට යුරෝ 100,000 (ඩොලර් 110,000) දඩයක් නියම කරනා බව අධිකරණය සිය තීන්දුවෙන් පවසා ඇත.

ඔහුගෙන් දැනටමත් දරුවන් සිටි දෙමාපියන් සඳහා වෙන් කර ඇති මාත්‍රාව හැර, ඔහු සතුව ඇති ශුක්‍රාණු කිසිවක් විනාශ කරන ලෙස ඉල්ලා විදේශයන්හි සායනවලට ලිපියක් ලියන ලෙස අධිකරණය ඔහුට නියෝග කළේය . ඔහු ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ඩෙන්මාර්කයේ ක්‍රයෝස් ශුක්‍රාණු බැංකුව හරහා මෙන්ම වෙනත් ජාත්‍යන්තර ආයතන සමගද ශුක්‍රාණු දායකයෙක් ලෙස කටයුතු කරඇත. මද සරුබවෙන් පෙරෙනා බොහෝ දෙනෙකු හට මෙම පුද්ගලයාගේ ශුක්‍රණු වලින් දරුවන් ලැබී ඇත..
සී.එන්.එන් ඇසුරෙනි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *