විදුලි බිලට පෙරදී කී සහනයට වඩා වැඩි සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ගාස්තු සංශෝධනය සඳහා වූ යෝජනාව විදුලි බල මණ්ඩල මහජන උපයෝගීතා කොමිෂන් සභාවට අද හෝ හෙට ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.
”විදුලි බල විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා කැබිනට් මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබාදී තිබෙනවා. විදුලි බිල ගැන යෝජනා ඉදිරිපත් කරන්න කියලා විවිධ පාර්ශවවලින් ඉල්ලීමක් කළා. විපක්ෂ නායක ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කළා. නමුත් එදින සහභාගී වෙන්න බැරිබව දැනුම්දීලා තිබුණා. විවිධ පාර්ශව සම්බන්ධ තිබුණා.
කොහොම උනත් බලාපොරොත්තු වුණාට වඩා අඩු කිරීමක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”
කවීෂා විදානගමගේ