හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවයි

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) කැඳවා ඇත. ඔහු ධූරයෙන් විශ්‍රාම යාමට පෙර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වෙයි.

මෙ සම්බන්ධව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසූවේ “2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව” දප්පුල ද ලිවේරා ප්‍රකාශ කර ඇති බවත්, ඔහුගේ එම ප්‍රකාශය හේතුවෙන් විමර්ශන සම්බන්ධයෙන් යම් තරමක සැකයක් පවතින බවත් ය.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ඉහත සඳහන් ප්‍රකාශ කළේ කුමන තොරතුරු මතද සහ ඔහු එවැනි ප්‍රකාශයක් කළේ ඇයිද යන්න සොයා බැලීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා ඇති බවයි අමාත්‍ය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *