ජලගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1200 කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි . එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (12) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය .
රෝහලේ ඉදිකරමින් පවතින වාට්ටු සංකීර්ණය නිරික්ෂණය කළ අමාත්‍යවරයා, එය ලබන වසරේ නොවැම්බර් වනවිට ඉදිකර අවසන් කිරීමට හැකිවනු ඇති බවත්, හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකිර්ණය වසර 2ක් වැනි කාලයක් තුළ කඩිනමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය .
හලාවත රෝහල, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රජයේ රෝහල වන අතර, එහි ඇඳන් දාරිතාව 650 කට ආසන්නය . දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් එහි සේවය කරයි.