පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල ගමන්ගත් ජීප් රථය, සපුගස්කන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් බරපතල අනතුරක් සිදුව ඇත.
ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී සිදුවු මෙම අනතුරෙන් මෝටර් රථයේ සිටි කාන්තාවක් හා කුඩා දරුවෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත . තුවාල ලත් කාන්තාව කිරිබත්ගොඩ රොහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබනා බවත්ම් දරුවා වහා රිජ්වෙ ආර්යා රෝහලට මාරුකර යවූ බවත් කිරිබත්ගොඩ රෝහලේ ප්‍රකාශිකාවක් පැවසූවාය.
එමෙන්ම අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන්ගත් මන්ත්‍රී අශෝක රන්වලද ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මේ වනවිට අනතුරට ලක් වූ ජීප් රථය හා මෝටර් රථය පොලිස් බාරයට ගෙන ඇතිබව සපුගස්කන්ද පොලිසිය පවසයි.