අද අළුයම ඉරාන ඩ්‍රෝන යානා දෙකක් මගින් සෞදි අරාබියේ රියාද් හී පිහිටි ඇමාරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු ජනධිපතිවරයා ක්ෂණික ප්‍රතිචාර දක්වා ඇත.
ඒ අනුව එරට ක්‍රියාත්මක සියලුම කොන්සියුලර් සේවා අවලංගු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.
එම තීරණයට අනුව යමින් රියාද්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය සෞදි අරාබි රාජධානියේ දූත මණ්ඩල කිහිපයක සිය සියලුම සේවාවන් අවලංගු කරන බව නිවේදනය කර තිබේ.
එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු තානාපති තානාපති කාර්යාලයට පැමිණීමෙන් වලකින ලෙසට සෞදි අරාබියේ ඇමරිකා තානාපති කාර්යාලය දැනුම් දේ.